Saturday, May 11, 2024

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සිදුවන හැටි ජනපති මැතිසබයේදී කියයි




ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා දෙයාකාරයකින් සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව පැරිස් සමාජය සහ ඉන්දියාව අතර ඒකාබද්ධව සාකච්ඡා කරන බවත්, චීනය සමඟ වෙනම සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවා.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහ අනෙකුත් ආයතනවලින් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක පමණ මුදලක් ඉදිරියේදී ලබාගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා. 


ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළ අතර සබාවේ ඇතිවූයේ මෙවන් සංවාදයක්.


මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.



ඉන් අනතුරුව පාර්ලිමේන්තු පාඨලී චම්පික රණවකට ප්‍රශ්ණයක් යොමුකළ අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.