Sunday, May 12, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ක් ඈතින් නව භූ තල මායිමක්




ශ්‍රී ලංකාවට කිලෝමීටර් 900 ත් 1,000 ත් අතර දුරකින් නව භූතල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බව භූවිද්‍යා හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් එම්.එම්.ජේ.පී. අජිත් ප්‍රේමා පවසනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට භූ කම්පන තත්ත්වයන් දැනීමේ ප්‍රවණතාවක් ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ භූ කම්පන 09 ක් වාර්තාවී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.