Monday, May 13, 2024

General line - 0115112241

ලාංකික ශ්‍රමිකයන් 8,000කට මේ වසරේ කොරියානු රැකියා අවස්ථා




කොරියානු රැකියා සඳහා 6,500ක කෝටාවක් ලැබුණද, එම සංඛ්‍යාව ඉක්මවා මෙම වසරේදී ශ්‍රමිකයන් 8,000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බව විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ සදහා කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා ා සමග අද පැවති සාකච්ඡාවකදී එකගතාව හිමි වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මෙම වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්‍ෂකයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකගතාවය පලකර තිබෙනවා.

ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතයි. එසේ නැව් ඉදිකිරීම්  ක්ෂේත්‍රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් කඩිනමින් ඒ සදහා අයදුම් කළ යුතු බවයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ.

ලබන වසරේ සිට ඊ 9 වීසා කාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය පළ කර තිබෙනවා.

ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය, දැනට පවත්වන පරිගණක පදනම් කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පවත්වන බවට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා දැනුම් දුන් බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් පැවසුවේ.