Monday, May 13, 2024

General line - 0115112241

ජල ගාස්තු වැඩිවීමකුත් අතලග




නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග පැවසුවේ ඉකුත් කාල සීමාවේදී විදුලි බිල නැවත වරක් වැඩි කිරීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.


පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජල ඉල්ලුම සියයට 10කින් පමණ වැඩි වී ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ විටින් විට වැසි ඇදහැලුන ද පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.