Thursday, May 9, 2024

General line - 0115112241

මනෝ ගනේෂන් ආණ්ඩුවට එක්වෙයි ?




ආණ්ඩුවට එක්වන්නේදැයි තීරණය කරනු ලබන්නේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගන්නා අවසන් තීන්දුව මත බව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

කෙසේවෙතත් එවැනි තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ.

සමගි ජනබල සංධානය ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව පිළිබඳව ද සිය පක්ෂය අවධානය යොමුකරන බවද ඔහු කියා සිටියා.


පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාව පිළිබඳව ද එහිදී අදහස් පළ වුණා.


මේ අතර එම සාකච්ඡාවේදී කිසිදු අයුරකින් සංධානගතවීමක් සිදුනොවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවා.

එම පක්ෂ සන්ධානගතවූ බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.