Thursday, May 9, 2024

General line - 0115112241

ආපදා හඳුනා ගන්නා සුනාමි කුළුණු ගැන ප්‍රශ්නයක්




බහු ආපදා තත්ත්වයන් පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා නවීන තාක්ෂණය සහ විද්‍යාත්මක ක්‍රමවේද යොදා ගන්නා බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂක ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ ආපදා තත්ත්වයන් පිළිබද ජනතාව දැනුවත් කිරීමට ස්ථාපිත කර ඇති සුනාමි කුලුණු ප්‍රමාණවත් නොවන බවයි. 


මේ අතර පොළොවේ සැකැස්ම අනුව භූමිකම්පාවක් සිදුවන ආසන්නයේ සිටින පිරිසට වඩා එහි බලපෑම ඉන් පිටත ප්‍රදේශවල සිටින ජනතාවට දැනෙන බවයි භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කාර්යංශය පවසනවා.

එහි ඛනිජ සමීක්ෂණ අධ්‍යක්ෂක භූ භෞතික විද්‍යාඥ නලින් ද සිල්වා පැවසුවේ මෙම තත්ත්වයන් වඩාත් හොදින් හදුනා ගැනීම සදහා විශේෂ කළාප ඉලක්ක කර ගනිමින් භූ විද්‍යාත්මක දත්ත එකතු කර සිතියම් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.   


මේ අතර ශ්‍රී ලංකාවට කිලෝමීටර් 900 ත් 1,000 ත් අතර දුරකින් නව භූතල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බව භූවිද්‍යා හා පතල් කාර්යංශය පැවසුවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට භූ කම්පන තත්ත්වයන් දැනීමේ ප්‍රවණතාවක් ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ භූ කම්පන 09 ක් වාර්තාවී තිබෙනවා.