Friday, September 20, 2024

General line - 0115112241

‘පෙනහල්ලෙන් බාගෙකුත්’ තියන් සැඩ මුහුදු රළ පරදා රන් පැළඳූ වයස්ගතම ක්‍රීඩකයා( PHOTOS)



රුවල් ඔරු නෙක්රා 17 මිශ්‍ර අවසන් තරඟයේ ඉසව්වේ රන් පදක්කම ආජන්ටිනාවේ සිසිලියා සරේලි සහ සැන්ටියාගෝ ලැන්ගේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

මෙහි විශේෂත්වය වන්නේ 54 හැවිරිදි සැන්ටියාගෝ ලැන්ගේ පිළිකාවක් නිසා පෙනහල්ලෙන් බාගයක් ඉවත්කර අසනීප තත්වයේ පසුවන ක්‍රීඩකයෙකු වීමයි.

මෙවර ඔලිම්පික් උලළේ පදක්කමක් දිනාගත් වයස්ගතම ක්‍රීඩකයා ද ඔහු වනවා.

ඔහුගේ පෙනහල්ලෙන් කොටසක් ඉවත්කර ඇත්තේ මීට වසරකට පෙරදීයි.

ඔහුගේ පුතුන් දෙදෙනාද ආජන්ටිනාවේ වෙනත් ඔරු පැදීම් තරඟ වෙනුවෙන් වෙනත් යුගල ඉසව් නියෝජනය කරනවා.

තරඟය අවසානයේ දී ලැන්ගේ පවසා තිබෙන්නේ මෙය තමාට විශ්වාස කළ නොහැකි බවයි.

තවද ‘මෙය මට බොහෝ සංවේදී තරඟයක් වුණා.මා මාගේ පුතුන් ක්‍රීඩා කරන තරඟ නරඹනවා,ඔවුන් මා ක්‍රීඩා කරන තරඟ නරඹනවා දැන් අප එක්වී ජයග්‍රහණය සමරනවා.මෙය මට අදහා ගත නොහැකි යන්නයි‘ යැයි ඔහු පවසා තිබෙනවා.

ඡායාරූප පහතින් නරඹන්න.

nintchdbpict000259911056-e1471402438977

_90812654_gettyimages-590214816

160817011758-lange-cecilia-exlarge-169

160817012417-lange-tease-exlarge-169

160817020452-argentina-swimming-sons-exlarge-169

nintchdbpict000259901104-e1471402613628

nintchdbpict000259903351-e1471402726486

nintchdbpict000259905292-e1471402571607

nintchdbpict000259905331-e1471402697857