Friday, September 20, 2024

General line - 0115112241

උදාරි රූ රැජිණ වෙනවා බලන් ඉන්න බැරුව පියුමි හංසමාලි කෝපයෙන් වේදිකාවෙන් බැස ගිහින්ලු (PHOTOS)



2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ අවසන් වටය කොළඹ රාමඩා හෝටලයේ සම්භාවනීය අමුත්තන්ගේ රැසකගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තරඟයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් විශාල ප්‍රචාරණයක් දියත් කළ පියුමි හංසමාලි පරාජයට පත්ව තිබෙන අතර ලද අනපේක්ෂිත පරාජයෙන් පසු කෝපයට පත්වූ ඇය වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසයාමේ සිදුවීමක් පිළිබඳ තොරතුරු වර්තා වනවා.

මෙම තරගයේදී ජයග‍්‍රහණය කර ඇත්තේ නිරූපිකාවක හා මෑත කාලයේ සිනමා නිළියක ලෙස ජනප්‍රියට පත්වූ උදාරි පෙරේරාය.

මෙම තරඟයේ අවසන් අට දෙනා අතරට පියුමිද තේරී පත්ව ඇති අතර ජයග්‍රාහිකාවන් තෝරා ඇත්තේ එම අට දෙනාම වේදිකාවේ තබමිනි.පළමුව තෝරා ඇත්තේ තෙවනියා හා දෙවනියා වන අතර පළමුවැන්නා වන්නේ කවුරුන් දැයි බොහෝ දෙනා දෑස් දල්වාගෙන බලාපොරොත්තුවෙන් සිට තිබෙනවා.

කෙසේ වෙතත් මෙය අවසන් හය දෙනා අතර පියුමි හා උදාරි දෙදෙනාම සිට ඇති අතර මෙවර විවාහක රූ රැජිණ උදාරි පෙරේරා යැයි විනිශ්ය මණ්ඩළය නම් කරද්දී ඇයට සුභ පතනු වෙනුවට මුහුණ කළු කරගත් පියුමි සභාවේ අයට සිය කෝපය පෙන්නුම් කරමින් වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසගොස් තිබෙනවා.

තරඟකරුවන්ගේ බුද්ධි මට්ටම විමසීමට ඉංග‍්‍රීසි බසින් පැවති ප්‍රශ්ණ වටවලදී පියුමි ලබාදුන් ඇතැම් පිළිතුරු හාස්‍යජනක ඒවා වූ බවත් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව අසන ලද පැනයකදී ඇයට එහි හරි අරුත හෝ තේරුම් ගැනීමට නොහැකිව කෙටි පිළිතුරක් ලබා දී ඇති බවත් වර්තා වනවා.

piumi3 64564356 14022127_554861634722373_7887414442239423143_n 13925164_554861568055713_8681635073898277091_n 13932801_554861418055728_5049656299439995318_n (1) 13932801_554861418055728_5049656299439995318_n