Saturday, May 18, 2024

General line - 0115112241

ආණ්ඩුකාර ධූරයක් ලැබෙයිද? රංගේ ගෙන් ප්‍රතිචාර




ආණ්ඩුකාර ධුරයක් තමන්ට ලැබෙන්නේදැයි නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් දැනුවත් කිරීම සදහා වව්නියාවේ පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පල කලා.

පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ. ඒ අතරට නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් ද ඇතුළත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

එම ආණ්ඩුකාරවරු ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරු පත් කිරිම ජනාධිපතිවරයා මෙරටට පැමිණිමෙන් පසු සිදු කිරිමට නියමිත බවට ද වැඩිදුරටත් වාර්තා වුණා.