Tuesday, May 7, 2024

General line - 0115112241

ඩයනාගේ පුත් හැරී කුමරුත් පැය 2ක් පැපරාසියන්ගේ මෝටර් රථ ග්‍රහණයකට




පැපරාසීන්ගේ මෝටර් රථ හඹායාමක් අතරතුර සිදුවූ රිය අනතුරකින් ජීවිතයට සමුදුන් ඩයනා කුමරියගේ පුත් හැරී කුමරුද එලෙසම පැපරාසීන්ගේ මෝටර් රථ හඹායාමකට මුහුණපා තිබෙනවා.

ඒ, ඔහුගේ බිරිඳ වන මේගන් සහ ඇගේ මවද සමඟයි.

ඔවුන් අදාළ සිදුවීමට මුහුණපා ඇත්තේ අමෙරිකාවේදීයි. 

මෙම අවදානම් පැපරාසි මෝටර් රථ හඹා යාමට ඔවුන් පැය දෙකකට වැඩි කාලයක් මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිව්යෝර්ක්හි පැවති සම්මාන උළෙලකට සහභාගී වීමෙන් අනතුරුව හැරී සහ මේගන් මෙම සිද්ධියට මුහුණපා තිබෙනවා.

එහිදී මෝටර් රථ 12 ක් පමණ ඔවුන් පසුපස හඹාවිත් ඇතැයි සඳහන්.

මාර්ගයේ රතු පැහැති ආලෝක සංඥා වැටී තිබියදීත් පැපරාසීන් ඒවා නොතකමින් ධාවනය කර තිබුණා.

එමෙන්ම පදික වේදිකාව මතින්ද පැපරාසීන් මෝටර් රථ ධාවනය කර ඇති අතර එක් වරම මෝටර් රථ හැරවීම් ඇතුලු නොසැලකිලිමත් රිය පැදවීම් රැසක් මෙහිදී වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධියේදී කිසිදු අනතුරක් හෝ කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති අතර බකින්හැම් මාලිඟය ද කිසිවක් ප්‍රකාශයට පත්කර නැහැ.

හැරී සහ මේගන් පසුපස හඹාගිය ඡායාරූප ශිල්පීන් පවසා ඇත්තේ පැය දෙකක මෙම දීර්ඝ හඹායාම අභියෝගාත්මකවූ බවයි.

මෙවැනිම පැපරාසීන්ගේ හඹායාමක් අතරතුර හැරී කුමරුගේ මව වන ඩයනා කුමරියට දිවි අහිමිවූයේ 1997 අගෝස්තු 31 වනදායි.