Thursday, May 9, 2024

General line - 0115112241

අමරපුර මහා නා හිමියන් දැයෙන් සමුගනී




අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ ශ්‍රී චන්දසිරි මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදීයි.

රාජගිරිය, කලපලුවාව ගෝතම තපෝවන විහාරස්ථානයේ තැන්පත් කර තිබූ මහා නාහිමියන්ගේ දේහය අද පස්වරු 1යි 30ට පමණ රිය පෙරහැරෙන් නිදහස් චතුරශ්‍රය දක්වා වැඩම කරන කරනු ලැබුවා.

ඉන් අනතුරුව ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරුණා. සේරුවාවිල මංගල රාජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණි වංශ නිකායේ අනුනායක ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කොටපොල අමරකිත්ති අනු නා හිමියන් එහිදී මෙලෙස අනුශාසනාවක් සිදුකළා. 

ආදාහන පූජෝත්සවයට සහභාගී වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙලෙස අදහස් පළ කළා.