Thursday, May 9, 2024

General line - 0115112241

ඡන්ද පත්‍රිකා මුද්‍රණය පෞද්ගලික අංශයට පැවරීමට අවදානය




ඡන්ද පත්‍රිකා ඇතුළු මැතිවරණයකදී සිදුකෙරෙන සියලු මුද්‍රණ කටයුතු ඉදිරියේදී පෞද්ගලික අංශය වෙත භාරදීමට අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ රජයේ මුද්‍රණාලය වැනි ආයතන ඉකුත් සමයේ මැතිවරණ පැවැත්වීම සඳහා බාධා එල්ල වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී එලෙස මුද්‍රණ කටයුතු පෞද්ගලික අංශය වෙත භාරදීමට අවදානය යොමුව ඇති බවයි. 


රජයේ මුද්‍රණාලය විසින් පළාත් පාලන  ආයතන ඡන්ද විමසීමට අදාළව සිදු කෙරුණු මුද්‍රණ කටයුතු සඳහා මුදල් ලබාගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මෙහිදී අදහස් පළ කළා.