Thursday, May 9, 2024

General line - 0115112241

වෙනසකට සැරසෙන පාඨලී




එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක් අද දිනයේ එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

අද පස්වරු 03 ට මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී මෙම නව දේශපාලන පක්ෂය එළිදැක්වීම සිදුකරන බවයි මන්ත්‍රිවරයා සඳහන් කළේ.

තමන් සහ තමන් සමග සිටින පිරිස තනතුරු දරණ සමයේ සිය වගකීම් ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බැවින් සියළුදෙනාට නව පක්ෂයට එකතු වන ලෙස ආරාධනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නෙත් නිවුස් වෙත කියාසිටියේ.


තරුණ තරුණියන්ගේ සහභාගීත්වය මෙන්ම ඔවුන් සතු කුසලතා නව පක්ෂයට දායක කරන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.