Thursday, May 9, 2024

General line - 0115112241

පොහොර සහනාධාරය සඳහා වවුචර් පත් ලබාදීම අද සිට




මෙවර යල කන්නයේ ද වී වගාව සඳහා පොහොර ලබාදීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ගොවි සංවිධාන පවසනවා.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මෙම කන්නයේ ද පොහොර ලබාදීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වී අස්වැන්න සැලකිය යුතු අයුරින් පහත වැටෙනු ඇති බවයි. 


මේ අතර යල කන්නයේ වී වගාකරන ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා සහානාධාර වවුචර් පත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අද ආරම්භ වනවා.

ඒ අනුව ගොවිජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීමට ඔවුන්ට මෙමගින් අවස්ථාව හිමි වනවා.

හෙක්ටයාරයක් සඳහා රුපියල් 20,000 ක් ද හෙක්ටයාර 02 ක් සඳහ රුපියල් 40,000 ක් වශයෙන් මෙම සහනාධාරය ලබාදීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මේ සඳහා  වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 ක් වන අතර එමගින් ගොවීන් හය ලක්ෂ 50,000 කට වවුචර් පත් නිකුත් කිරීමට නියමිතයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ වවුචර් ලබාදීමේ ක්‍රමවේදය  සාර්ථක නොවන බවයි.