Thursday, May 9, 2024

General line - 0115112241

හම්බන්තොට වෙඩි තැබීමක්




හම්බන්තොට, සුචී ගම්මාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රි සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු හමබන්තොට රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා හම්බන්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.