Sunday, May 19, 2024

General line - 0115112241

සැබෑ ලෙස රුපියල ශක්තිමත් කළ යුතු ආකාරය ගැන ආර්ථික විශ්ලේෂකයෙකු පෙන්වා දෙයි




රුපියල ශක්තිමත් කල යුත්තේ ඩොලර් ඉපයීම හරහා බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ඩොලරය රටින් ගලායාම අවහිර කිරීම රුපියල ශක්තිමත් කිරීමට ස්ථීර විසදුමක් නොවන බවයි.  


පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී රුපියල අවප්‍රමාණය වීමේ අවධානමක් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.


රටේ ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීමට සිදු කළ යුතු වෙනස්කම් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව මෙතෙක් සිදු නොවන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පැවසුවේ.