Sunday, May 19, 2024

General line - 0115112241

ආබාධ සහිත වූවන්ට නිවසේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීමට මැතිවරණ කොමිසමේ අවධානය




ඡන්දය භාවිතා කිරීමට නොහැකිව නිවෙස්වල රැදී සිටින පුද්ගලයින් සදහා ජංගම ඡන්ද පොළවල් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති විමල් පුංචිහේවා පැවසුවේ රහස්‍යභාවය රකිමින් එම පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථා ලබා දිය හැකි බවයි.

එම කටයුතු නීතිගත කරගැනීම සදහා සිය කොමිසමද තවදුරටත් අවධානයෙන් සිටිනවා බවයි ඔහු වැඩිදුරටත් පැවසූවේ.