Sunday, May 19, 2024

General line - 0115112241

එක්සත් ජනරජ පෙරමුණ අදියර දෙකකින් ඉදිරියට




එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ඉදිරි කටයුතු පියවර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

එහි එක් පියවරක් ලෙස ජුනි මාසය අවසන් වන විට ප්‍රධාන දිස්ත්‍රික් සමුළු පවත්වා අවසන් කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ.


දෙවන පියවර ලෙස සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ප්‍රචාරණ ව්‍යාපාර සහ සංවිධාන රටාවක් ඇතිකර ගැනීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවා.