Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්




බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, වයඹ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පළාත් කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.