Sunday, May 19, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි මගියෙකු යානය තුළදී මියයයි

ටී කේ ජී කපිල




ඕස්ට්‍රේලියාවේ  මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකු හදිසියේ රෝගාතුර වී එම ගුවන් යානය තුළදීම මිය ගොස් ඇතැයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා. 

ඊයේ රාත්‍රී 10 යි 35 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 605 දරන ගුවන් යානය තුළදී එම පුද්ගලයා මියගොස් ඇති බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ. 

එලෙස මිය ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙක්. 

යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේ දී මළසිරුර කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.