Sunday, May 19, 2024

General line - 0115112241

බදු නඩු සඳහා වෙනම අධිකරණයක්

තිසර සමල්, නිහාල්සිරි ගම්ලත




දැනට බදු අයකර ගැනීමේදී පවතිව දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා නව වැඩපිලිවෙලක් සකසා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම නව වැඩපිලිවෙල ලබන සතියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 


බදු ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වසර ගණනාවක සිට බාධා එල්ල වෙමින් පවතින රැමිෂ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් විද්‍යුත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම බදු කටයුතු සඳහා  පවතින නීතිමය කටයුතු සඳහා වෙනම අධිකරණයක් නොතිබීම හේතුවෙන් විශාල ප්‍රමාදයක් පවතින බැවින් , බදු කටයුතු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට යෝජනා කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.