Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාවේ දුම්රිය අනතුර ගැන විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි




ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේදී ඉකුත් සිකුරාදා සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන්නැයි එරට දුම්රිය අමාත්‍යංශය ඉල්ලීමක් කරනවා.

ඒ,  ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යංශයෙන්.

මගී ප්‍රවාහන දුම්රිය 02 ක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 280 කට ආසන්න පිරිසක් මියගොස් 1000 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

සිදු වූ එම අනතුරෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

සංඥා දෝෂයක් ඔඩිෂා දුම්රිය අනතුරට හේතු වී ඇති බව එරට දුම්රිය අමාත්‍ය අෂ්විනී වයිෂ්නාව් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අනතුරට වගකිව යුතු පුද්ගලයින් 03 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද දුම්රිය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එහෙත් ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.