Friday, May 3, 2024

General line - 0115112241

ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළ යයි




ලෝක වෙළඳපල වෙත සිදු කරන තෙල් සැපයුම කප්පාදු කරන බව සෞදි අරාබිය නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ බොරතෙල් මිල ඉහළ නැංවීමේ අරමුණින් සෞදිය එය සිදු කර ඇති බවයි.

තෙල් සැපයුම කප්පාදු කිරීමේ තීරණය අනුව සෞදිය දෛනිකව නිෂ්පාදනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය මිලියනයකින් අඩු කරනු ඇති.

එය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ද සෞවුදිය නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ සෞදි අරාබිය සහ රුසියාව ප්‍රමුඛ ඔපෙක් ප්ලස් හවුලේ සාමාජිකයින් අතර පැවැති හමුවකින් අනතුරුව සෞවුදිය මේ බව නිවේදනය කර ඇති බවයි. 

ඔපෙක් ප්ලස් හවුල ලෝකයේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 40% ක් පමණ සපුරා ලනු ලබනවා.

එම සංවිධානයට ලෝක වෙළඳපලේ බොරතෙල්  මිල කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකියි.

ඒ හමුවේ සෞදියේ මෙම තීරණයත් සමග ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව ප්‍රමුඛ පෙළේ බොරතෙල් සැපයුම්කරු ලෙස සැලකෙන්නේ සෞදි අරාබියයි.