Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දු - අමෙරිකානු ආරක්ෂක ප්‍රභලයින් අතර හමුවක්




අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්  සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීව එම හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ හා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවේදී දෙරටේ ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමුව ඇතැයි ද වාර්තා වුණා.

ඉදිරි වසර කිහිපය සඳහා දෙරට අතර ප්‍රතිපත්තිමය දිශානතිය මෙහෙයවන මාර්ග සිතියම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇතැයි සඳහන්.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාවට පැමිණ සිටින්නේ රටවල් 04 ක් වෙත සිදුකරන සංචාරයක තුන්වන ගමනාන්තය ලෙසයි.

ඉන්දියාවට පැමිණීමට පෙර ඔහු ජපානයේ සහ සිංගප්පූරුවේ ද සංචාරය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.