Monday, May 20, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්




පවතින වැසි තත්ත්වය හේතුවෙන් ආපදාවලට ලක්වන ප්‍රදේශවල සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට විකල්ප ක්‍රම හඳුන්වා දෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර එවැනි ප්‍රදේශවල අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේ ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනමින් දැනුවත් කරන ලෙසයි. 


2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 08 වනදා දක්වා පැවැත්වෙනවා.

පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 94,450 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.