Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දු පැසිෆික් කලාපයට නේටෝව නොඑන බවට අමෙරිකාවෙන් පොරොන්දුවක්




උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව ඉන්දු පැසිෆික් කලාපය තුළ පිහිටුවීමට කිසිසේත් උත්සහ නොකරන බව අමෙරිකාව පවසනවා.

ඒ බව ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් විසින්.

විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර එම පොරොන්දුව ලබා දී ඇති බවයි.

එම කලාපය නිදහස් හා විවෘතව පවතින බව සහතික කිරීම සඳහා සමාන අදහස් ඇති රටවල් සමඟ දිගටම කටයුතු කරන බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ.

එය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ඉන්දියාව සහ අමෙරිකාව නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳ එකම දැක්මක් බෙදාහදා ගන්නා බවත් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ  නේටෝව පිළිබඳ චීනයේ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු ඉකුත් ද ආසියා-පැසිෆික් කලාපයේ සිටින නේටෝව වැනි හමුදා සන්ධානවලට එරෙහිව අනතුරු අගවා තිබුණා.

ඔහු එහිදී පැවසුවේ එවැනි සන්ධාන,  කලාපය ගැටුම්වල "සුළි සුළියකට" ඇද දමනු ඇති බවයි.