Monday, May 20, 2024

General line - 0115112241

ගම්පොළ  ප්‍රදේශයේ භූකම්පනයක්




ගම්පොළ ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුවී තිබෙන බව වාර්තා වෙනවා.

ඊයේ රාත්‍රී 10.49ට පමණ රිච්ටර් පරිමාන  එකක 2ක පමණ සුළු භූ කම්පනයක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කර සිටියේ.

මෙම භූ කම්පනය මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව ඇති බවද මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය පවසා සිටියේ.