Sunday, May 19, 2024

General line - 0115112241

හඟුරන්කෙත ප්‍රදේශයේ ගින්නකින් අක්කර 20 කට හානි




හඟුරන්කෙත දියතලාකන්ද ප්‍රදේශයේ හට ගත් ගින්නකින් අක්කර 20 කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්න මේවනවිට පාලනය කර ඇති බවයි.

ඒ සඳහා නුවරඑළිය මහ නගර සභාව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව සහ යුද හමුදාව එක්ව තිබෙනවා.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙන පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.