Monday, May 20, 2024

General line - 0115112241

ඖෂධ වර්ග 60 ක මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය




ජුනි මස 15 වනදා සිට බලාත්මක වන පරිදි ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල සියයට 16 කින් අඩු කිරීම සඳහා සෑම මාස 03 කට වරක් ඖෂධ මිල සමාලෝචනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින් ඖෂධවල උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදි සියයට 97 ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණා.

කෙසේවෙතත් රජය විසින් අනුගමනය කරන වත්මන් ආර්ථික ස්ථායිකරණ වැඩසටහනේ ප්‍රතිපලයක් ලෙස රුපියල ශක්තිමත් වීම හමුවේ එලෙස ඖෂධ මිල පහළ දැමීමමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ.