Monday, May 20, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්දනාවට දසදෙසින් සැදැහැවතුන් පැල්මඬුල්ලට




පැල්මඩුල්ල රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමට සැදැහැවත් බොහෝ පිරිසක් මේවනවිටත් පැමිණෙමින් සිටිනවා.

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකම් මාලාව නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කර ඇත්තේ පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින්.

නෙත් ශ්‍රාවක ඔබගේ දායකත්වයෙන් ගොඩනැගූ කූරගල රජ මහා විහාරයේ සුගන්ධ කුටියේ වැඩසිටින උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ, කේෂ ධාතූන් වහන්සේ සහ 20 නමක් වූ මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ එහිදී ඔබට වන්දනා කිරීමට හැකියි.

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සහ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා පැල්මඩුල්ල රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්ථානයේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමඟින්.

ආයුබෝවන් සමීර.

ස්තූතියි සමීර.

ජුනි මස 08 වනදා පස්වරුවේ සිට ජුනි 11 වනදා උදෑසන දක්වා ධාතූන් වහන්සේ තැන්පත් කර තැබෙන්නේ දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදීයි.

ජුනි 11 වනදා පස්වරුවේ ධාතූන් වහන්සේ යටිහෙලගල රාජමහා විහාරස්ථානයට වැඩම කරවනු ලබනවා.

එදින සිට ජුනි මස 15 වනදා උදෑසන දක්වා එම විහාරස්ථානයේදී සැදැහැවත් ඔබට ධාතූන් වහන්සේ වන්ඳනා කිරීමට අවස්ථාව හිමිවනවා.

අනතුරුව 15 වනදා පස්වරුවේ සිට 19 වනදා පෙරවරු කාලය දක්වා සැදැහැවතුන්ගේ වන්දනාව වෙනුවෙන් ධාතූන් වහන්සේ තැන්පත් කර තැබෙන්නේ බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේයි.  

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකම් මාලාව සඳහා ට්‍රැවල් නෙත් සහ වටවල රන් කහට බැතිබර දායකත්වය ලබා දෙනවා.