Monday, May 20, 2024

General line - 0115112241

බදු ක්‍රමය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය




දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.