Friday, May 3, 2024

General line - 0115112241

රුසියාව යුක්රේනයේ ප්‍රධාන වේල්ලක් පුපුරවා හරී




යුක්රේනයේ ප්‍රධාන වේල්ලක් රුසියාව විසින් පුපුරවා හැර ඇතැයි යුක්රේනය චෝදනා කරනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාව විසින් අල්ලාගෙන ඔවුන්ගේ පාලනය යටතේ පවතින කෙර්සන් ප්‍රදේශයේ ඩිනිප්‍රෝ ගංගාවට ඉහළින් ඉදිකර ඇති වේල්ල එලෙස පුපුවා හැර ඇති බවයි.

ඒ හමුවේ ආසන්න පහත් බිම්වල පිහිටි නිවාස දහස් ගණනක් ජලයෙන් යටවනු ඇති බවයි පැවසෙන්නේ. 

කෙසේවෙතත් රුසියාවේ ප්‍රාදේශීය නිලධාරියෙක් පැවසුවේ ඩිනිප්‍රෝ බලාගාරයේ ඉහළ කොටස ෂෙල් ප්‍රහාරවලින් විනාශ වී ඇති බවයි.

එහෙත් වේල්ල පුපුරවා හැරීමක් සම්බන්ධයෙන් ඔහු තොරතුරු සඳහන් කර නොමැති බවයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනය වගකිව යුතු බවටයි රුසියාව චෝදනා කරන්නේ.