Friday, May 3, 2024

General line - 0115112241

පකිස්තානයේ ණය බර වාර්තාගත ලෙස ඉහළට




පකිස්තානයේ නවතම මහ බැංකු වාර්තා අනුව අප්‍රේල් මස අවසානය වනවිට එරට රජයේ මුළු ණය ප්‍රමාණය වසරින් වසර සියයට 34.1 කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පකිස්තානයේ මුළු ණය ප්‍රමාණය මේවනවිට රුපියල් ටි්‍රලියන 58.6 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මාසික පදනම මත පකිස්තානයේ ණය ඉහළ යාම සියයට 2.6 ක් බව ද සඳහන්. 

ඒ අනුව පකිස්තානයේ දේශීය ණය ප්‍රමාණය වාර්තා වන්නේ රුපියල් ටි්‍රලියන 36.5 ක් ලෙසයි.

එම මුළු ණය ප්‍රතිශතයෙන් සියයට 62.3 ක්. ඉකුත් අප්‍රේල් මාසය අවසානයේදී පකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 22 ක් පමණ බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

එය සමස්ථ ණය ප්‍රතිශතයෙන් සියයට 37.6 ක්. පවතින දරුණු මූල්‍ය අර්බුදය හමුවේ ආර්ථිකය කඩා වැටීමේ අද්දරට පැමි සිටින පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනම් ණය සහනයක් අපේක්ෂාවෙන් පසුවනවා.

එහෙත් මූලික එකගතා සහ කොන්දේසි සපුරාලීමට හෝ අපොහොසත් වීම හමුවේ එම ණය සහනය ලබා ගැනීමට පකිස්තානයට මෙතෙක් හැකි වී නැහැ.

විදෙස් මාධ්‍ය පවසන්නේ පකිස්තානය තුළ පවතින දේශපාලන අර්බුධ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම ප්‍රමාද වීම සඳහා බලපා ඇති බවයි.