Friday, May 3, 2024

General line - 0115112241

පාලන මිලට පාලනයක් නැත්තේ ඇයි?




බිත්තර සදහා පනවා ඇති පාලන මිල ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් වන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ මේ වනවිට බිත්තර ගොවිපල මගින් රුපියල් 43ත් 45ත් අතර මිලකට බිත්තර අළෙවි කරන බවයි. එම බිත්තර සිල්ලර වෙළද පොලේදී පාලන මිල ඉක්මවා විකිණීම වැළැක්වීමට රජය පියවර ගත යුතු බවද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා කියාසිටියා.

කුකුළු නිෂ්පාදන කර්මාන්තය නගාසිටුවීමට රජය අවශ්‍ය සහන සැලසුවහොත් ඉදිරියේදී බිත්තර හා කුකුළු මස් මිල අඩු මට්ටමකට ගෙන ආ හැකි බවද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාම පාලනයට ඉදිරියේදී පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය හමුවේ කියාසිටියේ.