Friday, May 3, 2024

General line - 0115112241

ගාලුපාරේ තෙල්වත්ත සහ සීනිගම කොටසේ විශේෂ රථ වාහන සැලැස්මක්




ගාලු‍පාරේ තෙල්වත්ත මංසන්දියේ සිට සීනිගම දක්වා අද පස්වරු දෙකේ සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව මීටියාගොඩ පොලිසිය පවසනවා. ඒ, හික්කඩුව, තෙල්වත්ත, රත්පත් රජමහා විහාරයේ 46 වන මිහිදු මහා පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන්. ඒ අනුව පෙරහැර වීථි සංචාරය කරන කාලසීමාව තුළ ගාල්ල දෙසට ගමන්ගන්නා රථවාහන කහව මංසන්ධියෙන් මීටියාගොඩ දෙසට හරවා අලු‍ත්වල මංසන්ධිය හරහා හික්කඩුව සහ කුමාරකන්දට ගමන් කළ හැකියි. පෙරහැර වීථි සංචාරය කෙරෙන කාලය තුල තෙල්වත්ත සහ සීනිගම දක්වා කොටසේ රථ වහන තදබදයක් ඇති විය හැකි බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.