Friday, May 3, 2024

General line - 0115112241

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ බීඩි කොළ කිලෝ දහසක් පුත්තලමේදී එස් ටී එෆ් භාරයට




නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද බීඩි කොළ කිලෝ 1,091 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සිය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ, පුත්තලම - පාලවිය ප්‍රදේශයේ අද අලුයම සිදුකළ වැටලීමකදීයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකුද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙන්නප්පුව - ලු‍ණුවිල සහ කල්පිටිය - පල්ලිවාසල්පාඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට මුහුදු මාර්ග‍යෙන් කල්පිටිය ප්‍රදේශයට ගෙනවිත් ඇති බවද විමර්ශණවලදී හෙලිවී තිබෙනවා.