Friday, May 3, 2024

General line - 0115112241

මතුගම මාකෙලිඇල්ලේ බස් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට.




මතුගම - කෙලින්කන්ද මාර්ගයේ මාකෙලි ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් වයස අවුරුදු 17 ක සිසුවෙකු මියගොස් තිබෙනවා. අනතුරෙන් තවත් මගීන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් බුලත්සිංහල, හොරණ හා නාගොඩ රෝහල්වල ප්‍රතිකාර  ලබනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්. කෙලින්කන්ද දෙස සිට මතුගම දෙසට ධාවනය වු ලංගම බස් රථයක් පස් කණ්ඩියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි බදුරලිය පොලීසිය පැවසුවේ.