Friday, May 3, 2024

General line - 0115112241

මීළඟ මහ කන්නයේදී යූරියා මිටිය 5,000කට අඩුවෙන් දෙන බවට කෘෂිකර්ම ඇමතිගෙන් ප්‍රකාශයක්




2023 මහ කන්නයේදි යුරියා පොහොර මිටියක මිල රුපියල් 5,000කට වඩා  අඩුවෙන් ලබා දීමට  පියවර ගන්නා බව කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ගොවි හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
පුද්ගලික අංශය විසින් මේ වනවිට යුරියා පොහොර මිල ඉහළ දමා තිබෙනවා. එහෙත් ලබන 15 වනදායින් පසු පොහොර මිටියක මිල තවත් රුපියල් 1000කින් අඩු කර රුපියල් 9,000ක මුදලකට යූරිය පොහොර මිටියක් ලබාදීමට රජය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී කියාසිටියේ. එමෙන්ම මෙම වසරේ මහ කන්නය වනවිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5,000ට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍ය මහින්ද අමරවීර එහිදී සදහන් කළා.

මේ අතර යූරියා මෙටි්‍රක් ටොන් 22,500 ක් රැගත් නෞකාවක් ඕමානයේ සිට මෙරට මුහුදු සීමාවට අද ළඟා වුණා.  අද රාත්‍රීයේදී එම පොහොර තොගය කොළඹ වරායට ගොඩබෑමට නියමිතයි. ලබන සදුදා සිට එම පොහොර තොගය ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා.