Friday, May 3, 2024

General line - 0115112241

සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබාගන්නා බව ජනපති කියයි




මෙරට සංවර්ධන අරමුණු ළගා කර ගැනීම සදහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබාගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රි ලංකාවට  ආවේණික වූ ඉවුම් පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්ව ඇති බවත් එහි ප්‍රවර්ධනයට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවත් ජනාධිපතිවරයා කියාසිටියා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වූ 2023 සූප ශ්‍රාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ සමාරම්ක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සූප ශාස්ත්‍ර ශිල්පීන්ගේ දක්‍ෂතා ප්‍රදර්ශනය කෙරෙන සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබනවා. නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශන කුටි 88කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වන අතර එම ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයට ජනාධිපතිවරයා එක්වුණා. සූප ශාස්ත්‍ර පිළිබද පාසලක් ඇති කිරීම, සූපවේදින් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදිම ඇතුළු ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සදහන් කළේ.