Friday, May 3, 2024

General line - 0115112241

ආනයන සීමා ලිහිල් කළ භාණ්ඩ ලැයිස්තුව.




 

ආනයන සීමා ලිහිල් කිරීමේදී ආදේශන නොමැති භාණ්ඩ සදහා ප්‍රමුඛතාව ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. එම ආනයන සීමා ලිහිල් කර ඇත්තේ දේශීය නිෂ්පාදකයින් ආරක්‍ෂා වන අයුරින් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ. ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා ඊයේ රාත්‍රියේ සිට ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

ආනයන සීමා පනවා ඇති සියළුම භාණ්ඩවල එම සීමාවන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.