Friday, May 3, 2024

General line - 0115112241

කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන හම්බන්තොටින් ඇරඹෙයි




තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශනය කර ගැනීම සදහා ක්‍රියාත්මක කෙරෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන අද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා.

දැනට මෙරට කෘෂිකර්මාන්තය තුළ වී වගාවේ නිරතව සිටින ගොවි ජනතාවගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්මවූ වැඩිහිටියන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

වී වගාව තුළ තරුණ ප්‍රජාවගේ නියෝජනය සියයට 20ක් පමණ සුළු අගයක පවතිනවා. නමුත් ඉහළ ආදායමක් ඉපැයිය හැකි එළවළු, පළතුරු හා මල් වගා ආශ්‍රිතව දැනට තරුණ ප්‍රජාවේ ඉහළ නියෝජනයක් දක්නට ලැබෙන බවයි එම අමාත්‍යාංශය  පවසන්නේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙනයි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු සංවිධාන කර ඇත්තේ. එහි සමාරම්භක වැඩසටහන ලෙස තිස්සමහාරාම ජූල් පල්ලම හා කාවන්තිස්සපුර යන ගම්මාන දෙකෙහි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.