Saturday, May 4, 2024

General line - 0115112241

වසර 9කට පසු දකුණු අප්‍රිකාවට ප්‍රබල භූ කම්පනයක්




දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට රිච්ටර් පරිමාණ එකක 5.0 ක භූ කම්පනයක් සිදුවී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කරනවා.

ජොහැන්නස්බර්ග් නගරයට ගිනිකොන දෙසින් පිහිටි නගරයක් වන ඇල්බර්ටන් නගරයේ මතුපිටට කිලෝමීටර් 10 ක් (සැතපුම් හයක්) පහළින් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විනාඩියක පමණ කාලයක් භූ කම්පනය පැවති බවත් මෙයින් ජීවිත හානි හෝ සැලකිය යුතු හානියක් පිළිබඳ වාර්තා වී  නොමැත.

2014 දී රිච්ටර් පරිමාණ  5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයේ දකුණු අප්‍රිකාවේ වයඹ පළාතේ ඕර්ක්නි රන් ආකර නගරය ආසන්නයේ ඇති වූ අතර ඉන් එක් අයකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ