Saturday, May 4, 2024

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් පකිස්තානයේ 27 ක් මරුට




පකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර ළමුන් 08 දෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

වයඹ දිග පකිස්තානයට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල සුළං ප්‍රවාහයක බලපෑම් එල්ල වී ඇතැයි සඳහන්.

ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ කයිබර් පක්තුන්කාවා පළාතටයි.

දැඩි වර්ෂාපතනය හමුවේ නිවෙස්වල බිත්ති සහ වහල කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

අයහපත් කාලගුණය හමුවේ පුද්ගලයින් 142 දෙනෙකු තුවාල ලබා  තිබෙනවා.

ගොවිපල තුළ සිටි සතුන් 200 ක් පමණ මියගොස් ඇති බව ද සඳහන්.

පකිස්තානයට මෙලෙස අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් ඇත්තේ එරට ජනතාව ආර්ථික, මූළ්‍ය හා දේශපාලන අර්බුද හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පසුබිමක් තුළයි.