Saturday, May 4, 2024

General line - 0115112241

තායිවානයෙන් චීනයට චෝදනාවක්




තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා චීන යුධ ගුවන් යානා 10ක් පියාසර කළ බවට තායිවානය චෝදනා කරනවා. එම චීන ගුවන් යානා නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රහාරක යානා සහ නෞකා සහ ගොඩබිම් මිසයිල පද්ධති යොදවා ඇති බවයි තායිවාන හමුදාව සඳහන් කළේ.

චීන යුද නෞකා හතරක් ද මුර සංචාර සඳහා එක්ව සිටි බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

සතියක කාලයක් තුලදී චීන යුද ගුවන් යානා සහ නෞකා තායිවාන ගුවන් කලාපය හා මුහුදු කලාපය උල්ලංඝණය කළ දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

තායිවානය තමන් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළ ද චීනය පවසන්නේ අවශ්‍ය වුවහොත් තායිවාන භූමිය ඈඳා ගැනීමට පසුබට නොවන බවයි.

කෙසේවෙතත් අමෙරිකාව තායිවානය සමග පවතින සබඳතා ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමත් සමග චීනයෙන් තායිවානයට එල්ල වන බලපෑම් ඉහළ ගොස් තිබෙනවා.