Saturday, May 4, 2024

General line - 0115112241

මාර්ක් සකර්බර්ග්ගේ නායකත්වය ගැන විශ්වාසය පලුදු වෙයි




මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග්ගේ නායකත්වය කෙරෙහි විශ්වාසය සේවකයන් තුල බිඳ වැටි තිබෙන බව වාර්තා වෙනවා.

මෙටා සමගම විසින්  සිදු කරන ලද  සේවක සමීක්ෂණයකින් මෙය අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මාර්ක් සකර්බර්ග්ගේ නායකත්වය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සියයට 26 ක් වන බවයි වාර්තා වෙන්නේ.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින් පසුගිය කාලය තුල සමාගමේ වියදම් පාලනය කිරීම සඳහා සේවකයන් 21,000ක් පමණ සේවයෙන් ඉවත් කල අතර නව සේවක බඳවා ගැනීම් ද තවකාලිකවම් නතර් කර තිබුනා.

තවද සමාගමේ මූල්‍ය කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සහ දිගුකාලීන ඉලක්ක සපුරා ගැනීම සඳහා සමාගම අඩු ප්‍රමුඛතා ව්‍යාපෘති අවලංගු කර ඇති අතර  ප්‍රචාරණ වියදම්ද පාලනය කර තිබෙන බවයි විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස සිදු කරන සේවක කප්පාදුව සහ වියදම් කප්පාදු කිරීම නිසා මෙලෙස සේවකයන් කෙරෙහි විශ්වාසය බිද වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.