Tuesday, May 14, 2024

General line - 0115112241

ලක්ෂ 11ක එතනෝල් තොගයක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවට.

දර්ශන් ප්‍රනාන්දු




ලක්ෂ 11කට ආසන්න වටිනාකමකින් යුතු එතනෝල් බැරල් 7ක් ප්‍රවාහන කරමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව එගොඩඋයන පොලිස් වසමේ එගොඩඋයන හංදියෙහි මාර්ග බාධකයේදී සිදු කළ වැටලීමකදීයි.

එහි තිබී එතනෝල් ලීටර 1,320ක් සොයා ගත් බව පොලිසීය පවසනවා.

සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා රැගෙන යන මුවාවෙන් මෙම එතනෝල් තොගය මත්පැන් සැකසීමට භාවිතා කිරීම සඳහා රැගෙන යන බවයි.