Saturday, May 4, 2024

General line - 0115112241

නීති විරෝධීව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදාව භාරයට




නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා හතරක් සහ කිමිදුම් උපකරණ තොගයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. යාපනය වෙත්තලකේණි, මාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී එම පිරිස සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. එලෙස නාවික හමුදා භරායට ගෙන ඇති පුද්ගලයින් අවුරුදු 22 ත් 48 ත් අතර වයස් කාණ්ඩවල පසුවන තිහාරිය, වෙප්පකුලම්, නච්චිකුඩා, වෙට්ටකුලම්, නොරොච්චෝල, පල්ලෙකුඩා සහ උදයකාට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකරුවන් අට දෙනා, ඩිංගි යාත්‍රා හතර සහ කිමිදුම් උපකරණ තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාව්ක හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.