Saturday, May 4, 2024

General line - 0115112241

පාලනය කර ඇතැයි බලධාරීන් පැවසූ ගොඩවෙල්ලා හානිය තවමත්




ගොඩවෙල්ලා දළඹු හානිය මුළුමුනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් තවමත් එම දළඹු උවදුරෙන් හානියට පත් වූ කුඹුරු පිළිබඳ වාර්තාවන බව ගොවි සංගම් පවසනවා.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ගොඩවෙල්ලා දළඹුවන් ව්‍යාප්ත වීම ස්වභාවිකව යම් පාලනයකට නතුව තිබුණද එහි අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බවයි. 

ගොඩවෙල්ලා දළඹු උවදුර පාලනය කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක නොකළ හොත් මහ කන්නයේ වී වගාවටද එම දළඹු උවදුරෙන් හානි සිදුවිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර, පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් බෙදා දීමේ ක්‍රියාවලිය සාර්ථක බව රජය ප්‍රකාශ කළද, වවුචර්පත් ලබා ගත් ඇතැම් ගොවීන්ට පොහොර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක්ද මේවනවිට උද්ගත වී ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කළා.