Saturday, May 4, 2024

General line - 0115112241

95 පෙට්‍රල් හිගයක් නැහැ - ඇමති කංචන කියයි




ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හිගයක් රට තුළ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව සහ ඉන්දියන් ඔයිල් සමාගම සතුව අවශ්‍ය තරම් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග පවතින බවයි. ඔක්ටේන් 95 වර්ගයේ දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 80 ත් 100 ත් අතර වනවා. 


එමෙන්ම මේවනවිට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ 3,087ක තොගයක් ද සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 2977 ක ප්‍රමාණයක් ද, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 53,632 ක්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 601 ක් සහ ගුවන් යානා ඉන්ධන හෙවත් ජෙට් ඒ වන් වර්ගයේ ඉන්ධන මෙටි්‍රක් ටොන් 37,316 ක ප්‍රමාණයක් ද පවතින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ. ඊයේ දිනය ඉරිදා දිනයක් වන බැවින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුනොවුන ද අනෙකුත් සෑම දිනකම ඉල්ලුම පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග බෙදාහැරීම සිදුකළ බවයි අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.