Saturday, May 4, 2024

General line - 0115112241

ආනයනික බිත්තරවලට ඉල්ලුමක් නැද්ද?




බස්නාහිර පළාතේ පවතින ඉල්ලුමට සරිලන පරිදි සැපයිය හැකි ප්‍රමාණයෙන් ආනයනික බිත්තර තොග පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ බස්නාහිර පළාතේ ඇති සුළු පරිමාණ වෙළඳසැල්වලට පවා ඔවුන්ගේ අවශ්‍යාතව පරිදි බිත්තර බෙදාදීමට හැකි පරිදි බිත්තර තොග පවතින බවයි.
බේකරි හිමියන්ට ද අවශ්‍ය පරිදි බිත්තර තොග ලබාදීමට හැකියාව පවතින නමුත් ඔවුන් බිත්තර තොග ඇනවුම් නොකරන බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.